ධවල මන්දිරය අසල වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා 21 හැවිරිදි නසීර් බෙස්ට් ලෙස හඳුනාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එරට වේලාවෙන් ඊයේ පස්වරු 6ට පමණ ධවල මන්දිරය ආසන්නයට පැමිණි මෙම සැකකරු ආරක්ෂක නිලධාරීන් ඉලක්ක කරමින් වෙඩි තැබීමක් සිදුකර ඇති අතර, ඊට ප්‍රතිචාර ලෙස ආරක්ෂක අංශ එල්ල කළ වෙඩි ප්‍රහාරවලින් ඔහු මියගොස් තිබේ.
විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ නසීර් බෙස්ට් කිසියම් මානසික රෝගී තත්ත්වයකින් පෙළුණු පුද්ගලයෙකු බවයි.
එමෙන්ම ඔහු පසුගිය වසරේ ජුලි මාසයේදීද ධවල මන්දිරයට ඇතුළුවීමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට ගෙන මානසික වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුකර තිබූ බවද වාර්තා වෙයි.




