කුවේට් රාජ්‍යයේ ජාතික ගුවන් සේවය වන කුවේට් එයාර්වේස් අප්‍රේල් 15 වන දින සිට යළිත් කොළඹ බලා ගුවන් මෙහෙයුම් ආරම්භ කරන බව නිල වශයෙන් නිවේදනය කර ඇත.
ඒ අනුව කුවේට් සහ ශ්‍රී ලංකාව අතර ගුවන් සබඳතා යළි ශක්තිමත් වන අතර, මගීන්ට ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා වැඩි පහසුවක් සැලසෙනු ඇත.
මෙම නව ගුවන් සේවය සතියකට එක් දිනක්, සෑම බදාදා දිනකම ක්‍රියාත්මක වන බව සඳහන් වේ.
ඒ අනුව,
කුවේට් සිට කොළඹට ගුවන් යානය පෙ.ව. 01:30ට පිටත්වී ප.ව. 18:05ට පැමිණෙන අතර,
කොළඹ සිට කුවේට් වෙත ගුවන් යානය ප.ව. 19:05ට පිටත්වී පෙ.ව. 03:30ට පැමිණීමට නියමිතය.




