ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ කොන්දොස්තරවරුන් විසින් දිනකට රුපියල් කෝටි 2කට ආසන්න මුදල් වංචා සිදු කරන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.
ඔහු මෙම අදහස් පළ කළේ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ නවීකරණයෙන් පසු ජනතාවට විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
මෙම මධ්‍යම බස් නැවතුම්පොළ රුපියල් මිලියන 424ක පිරිවැයකින් “ක්ලීන් ශ්‍රී ලංකා” සංකල්පය යටතේ නවීකරණය කර තිබේ.
මෙවැනි වංචා වැළැක්වීම සඳහා නව ක්‍රමවේද හඳුන්වා දීමට රජය පියවර ගන්නා බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.




