WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
WorldBreaking

හෝමූස් සමුද්‍ර සන්ධිය යළි වසා දමයි

I
Ishanka Jayasuriya
April 8, 2026 · 1 min read
341 viewsf𝕏W
 හෝමූස් සමුද්‍ර සන්ධිය යළි වසා දමයි
 හෝමූස් සමුද්‍ර සන්ධිය ඊයෙ (08) පස්වරුවේ නැවත වසා දැමීමට ඉරානය පියවරගෙන ඇත.
ඉරානය සහ ඇමෙරිකාව  අතර ඇතිකරගත් සටන් විරාමය අනුව මෙය කලින් යළි විවෘත කර තිබුණද, නව තත්ත්වයන් හේතුවෙන් නැවත තහනම් කර ඇතැයි වාර්තා වේ.
ඒ අතරතුර, ඊශ්‍රායලය සින් ලෙබනන් වෙත එල්ල කළ දැවැන්ත ප්‍රහාර මාලාව හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව ඉරාන මාධ්‍ය සඳහන් කරයි.
ඒ අනුව, හෝමූස් හරහා නෞකා ගමනාගමනය සම්පූර්ණයෙන් තහනම් කර ඇති අතර, අවසරයකින් තොරව ගමන් කරන ඕනෑම නෞකාවක් විනාශ කරන බවට ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය දැඩි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.
පර්සියානු බොක්කේ යාත්‍රා කරන නෞකාවලට රේඩියෝ පණිවිඩ මගින්ද මෙම දැනුම්දීම සිදු කර ඇති බව සඳහන් වේ.
මේ අතර, සටන් විරාම ගිවිසුමේ ප්‍රධාන කොන්දේසියක් වූයේ මෙම සමුද්‍ර සන්ධිය හරහා තෙල් නෞකා ගමන් කිරීමට ඉඩ ලබාදීමයි. එහෙත් අද උදෑසන නෞකා කිහිපයක් ගමන් කළ පසු එම මාර්ගය සම්පූර්ණයෙන් වසා දමා ඇත.
අනෙක් අතට, ඊශ්‍රායලය විසින් ලෙබනනයට එල්ල කළ දැවැන්ත ප්‍රහාරයෙන් පුද්ගලයින් සීයයකට ආසන්න පිරිසක් මියගොස් ඇති බව වාර්තා වන අතර, මෙම තත්ත්වය හේතුවෙන් කලාපීය සාමය බිඳවැටීමේ දැඩි අවදානමක් මතුව තිබේ.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
GMOA හෙට පෙ.ව. 8 සිට පැය 48ක දීපව්‍යාප්ත වැඩ වර්ජනයක්
Next
ලංගම කොන්දොස්තරවරුන්ගෙන් දිනකට කෝටි 2ක වංචා

More in World