චතුර්පාර්ශ්වික ආරක්ෂක සංවාදය (QUAD) සංවිධානයේ විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීම අද ඉන්දියාවේ නවදිල්ලියේදී ආරම්භ වුණා.
ඒ සඳහා QUAD සංවිධානයේ සාමාජික රටවල් වන අමෙරිකාව, ඉන්දියාව, ජපානය සහ ඔස්ට්‍රේලියාවේ විදේශ අමාත්‍යවරුන් සහභාගී වී සිටිනවා.
අමෙරිකාව නියෝජනය කරමින් රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ ද, ඉන්දියාව නියෝජනය කරමින් විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් ද මෙම රැස්වීමට එක්ව සිටිනවා.
ඔස්ට්‍රේලියාවේ විදේශ අමාත්‍ය පෙනි වොන්ග් සහ ජපාන විදේශ අමාත්‍ය තොෂිමිට්සු මොටෙගි ද මේ වනවිට නවදිල්ලි නුවරට පැමිණ ඇති බව වාර්තා වෙනවා.
මෙම හමුවේදී ඉන්දු-පැසිෆික් කලාපයේ ආරක්ෂාව, සහයෝගිතාව සහ චීනයේ වර්ධනය වන බලපෑම සම්බන්ධ කරුණු පිළිබඳව ප්‍රධාන අවධානය යොමු වී ඇති බවද සඳහන්.




