WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

උතුරු දුම්රිය සේවය යළි ආරම්භයි

I
Ishanka Jayasuriya
April 9, 2026 · 1 min read
329 viewsf𝕏W
උතුරු දුම්රිය සේවය යළි ආරම්භයි
තුරු දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු අද සිට යාපනය සහ කන්කසන්තුරය දක්වා දුම්රිය ධාවනය යළි ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව යාපනය නගරාන්තර දුම්රිය සහ යාපනය රාත්‍රී තැපැල් දුම්රිය අද සිටත්, යාල්දේවී දුම්රිය හෙට සිටත් දෛනිකව ධාවනය කිරීමට සැලසුම් කර ඇත.
පසුගියදා දිවයිනට බලපෑ “දිට්වා” සුළි කුණාටුව හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ ස්ථාන 14ක් හානියට පත්ව තිබුණි. ඒ අනුව තාවකාලික පිළිසකර කිරීම්වලින් පසු පසුගිය දෙසැම්බර් 24 සිට වේග සීමා යටතේ දුම්රිය කිහිපයක් පමණක් ධාවනය කර තිබූ අතර, ජනවාරි 19 සිට යළි දුම්රිය ධාවනය තාවකාලිකව නවතා දමන ලදී.
කෙසේ වෙතත්, හානියට පත් ස්ථාන ස්ථීරව ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු අද සිට දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදු කිරීමට හැකිව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
GMOA වැඩවර්ජනය අද උදෑසන සිට
Next
හෝමූස් සමුද්‍ර සන්ධියට චීන–රුසියා නව යෝජනාවක්

More in Breaking News