WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

කළුතර වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙකු මරුට

I
Ishanka Jayasuriya
May 28, 2026 · 1 min read
183 viewsf𝕏W
 කළුතර වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙකු මරුට
කළුතර මුස්ලිම් පල්ලිය පාරේ වෙට්ටුමකඩ ප්‍රදේශයේ අද (28) උදෑසන සිදුවූ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
පොලීසිය සඳහන් කළේ, උදෑසන 8.59ට පමණ යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු ඉලක්කර මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි.
මෝටර් රථයකින් පැමිණි අයෙකු විසින් වෙඩි තැබීම සිදුකර ඇති අතර, බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.
සිද්ධියට සම්බන්ධ වෙඩික්කරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් තුනක් යොදවා විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා සඳහන් කළේය.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
බූවල්ලන්ගේ ජානමය අභිරහස
Next
න්‍යෂ්ටික බලශක්තිය; ගෝලීය බලශක්ති අර්බුදයේ හරිත විප්ලවයද? නැතහොත් අවදානම් සහගත විකල්පයක්ද?

More in Breaking News