WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Politics

GMOA වැඩ වර්ජනයට සෞඛ්‍ය ඇමති දැඩි විවේචනයක්

I
Ishanka Jayasuriya
April 2, 2026 · 1 min read
392 viewsf𝕏W
GMOA වැඩ වර්ජනයට සෞඛ්‍ය ඇමති දැඩි විවේචනයක්
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කළ වැඩ වර්ජනයට කිසිදු සාධාරණ හේතුවක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ, මෙම ක්‍රියාමාර්ගය දේශපාලනික අරමුණක් මත රජය අපහසුතාවයට පත් කිරීම සඳහා සිදුකරන එකක් බවයි.
සීමාවාසික පුහුණුව අවසන් කළ වෛද්‍යවරුන් 453 දෙනෙකුට රජයේ සේවයට එක්වීමට ඇති අවස්ථාව මෙම වැඩ වර්ජනය හේතුවෙන් අවහිර වී ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
එම වෛද්‍යවරුන්ට රජයේ සේවයට එක්වීමට අයදුම් කිරීම සඳහා ලබා දී ඇති කාලසීමාව සෙනසුරාදා දහවල් 12ට අවසන් වන අතර, එය කිසිදු ලෙසකින් දිගු නොකරන බවද ඔහු අවධාරණය කළේය.
තවද, වෛද්‍යවරුන්ට බියගන්වමින් හෝ තර්ජනය කරමින් අයදුම් කිරීම වැළැක්වීමට උත්සාහ කරන පුද්ගලයන් පිළිබඳව වහාම පැමිණිලි කරන ලෙසත්, ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බවත් අමාත්‍යවරයා පැවසීය.
වැඩ වර්ජන හේතුවෙන් අවසානයේ ජනතාවටම පීඩාවක් සිදුවන බවත්, එවැනි ක්‍රියාමාර්ග වලින් කිසිවෙකුටත් වාසියක් නොලැබෙන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධාන පත්කෙරේ
Next
රුසියාවෙන් ශ්‍රී ලංකාවට තෙල්, ආයෝජන සහ සංචාරක සහයෝගය වැඩි කිරීමට පොරොන්දු

More in Politics