WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
PoliticsBreaking

ඇමති ලාල්කාන්තගේ වත්කම් රු. කෝටි 46 ඉක්මවයි

I
Ishanka Jayasuriya
April 16, 2026 · 1 min read
379 viewsf𝕏W
ඇමති ලාල්කාන්තගේ වත්කම් රු. කෝටි 46 ඉක්මවයි

දේශපාලන නියෝජිතයින්ට වාර්ෂිකව ඉදිරිපත් කළ යුතු වත්කම් බැරකම් ප්‍රකාශයට අනුව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා සිය වත්කම් විස්තර අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර තිබේ.
2023 අංක 9 දරණ දූෂණ විරෝධී පනතට අනුකූලව ඉදිරිපත් කළ එම ප්‍රකාශයේ අනුව, ඔහු සතු නිශ්චල දේපළ අතර රුපියල් මිලියන ගණනක වටිනාකමකින් යුත් නේවාසික ගොඩනැගිලි සහ ඉඩම් කිහිපයක් ඇතුළත් වේ. තෑගි සහ උරුම මගින් ලැබුණු දේපළද ඒ අතර සදහන් කර තිබේ.
චංචල දේපළ ලෙස රන් ආභරණ, මෝටර් රථයක් සහ තවත් වටිනා දේපළ කිහිපයක්ද ඔහු ප්‍රකාශ කර ඇත. එසේම, පෞද්ගලික ආයතන 10කට අදාළව රුපියල් කෝටි 38කට අධික සුරැකුම්පත් මිලදී ගෙන ඇති බවද හෙළිවේ.
ආදායම් පැත්තෙන් බැලූ විට වැටුප්, දේපළ බදු, විශ්‍රාම වැටුප් සහ ස්ථාවර තැන්පතු මඟින් ලැබෙන ආදායම්ද ඇතුළත් කර තිබේ.
මෙම සියලු තොරතුරු අනුව අමාත්‍ය ලාල්කාන්ත මහතාගේ සමස්ත වත්කම් වටිනාකම රුපියල් කෝටි 46 ඉක්මවන බව එම ප්‍රකාශයෙන් අනාවරණය වේ.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
අවුරුදු සමයේ මාර්ග අනතුරු 42ක් – මරණ 44ක්
Next
පුද්ගලයින් ලියාපදිංචි දෙපාර්තමේන්තුවේ සේවා හෙට තාවකාලිකව නවතයි

More in Politics