WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
PoliticsBreaking

මාතර සමුපකාර රෝහලේ උණුසුම් තත්ත්වයක්

I
Ishanka Jayasuriya
April 11, 2026 · 1 min read
411 viewsf𝕏W
 මාතර සමුපකාර රෝහලේ උණුසුම් තත්ත්වයක්

මාතර සමුපකාර රෝහලේ පාලන බලය නිසි ඡන්ද විමසීමකින් තොරව ලබාගැනීමට පිරිසක් උත්සාහ කිරීමත් සමඟ අද (11) පස්වරුවේ එහි දැඩි උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබේ.

ඊට විරෝධය පළ කරමින් රෝහලේ සේවක සේවිකාවන් වැඩ වර්ජනයක් ආරම්භ කරමින් උද්ඝෝෂණයකද නිරතව ඇත.

රෝහල් ආරෝග්‍ය ශාලා සමිතියේ සාමාජිකයින් බව කියන පිරිසක් රෝහල තුළට ඇතුළු වීමත් සමඟ කාර්ය මණ්ඩලය සමඟ ගැටුම්කාරී තත්ත්වයක් මතුවී ගූටි බැට හුවමාරුවක් ද සිදුවී ඇත.

එම ගැටුම අතරතුර පහරකෑමට ලක්වූ කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු වෛද්‍ය ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහල වෙත ඇතුළත් කර ඇත.

තවද වසා තබා තිබූ සභාපතිවරයාගේ කාර්යාලයේ ඉබි අගුළු කඩා විවෘත කිරීමට එම පිරිස කිහිප වතාවක් උත්සාහ කර ඇති අතර, පොලීසිය ඒ සඳහා ඉඩ ලබා නොදුන්න බව සඳහන් වේ.

එහිදී පොලිස් නිලධාරීන් සමඟද ගැටුම්කාරී තත්ත්වයක් මතුවී, පොලිස් නිලධාරීන්ට ද පහර දී ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

මෙම සිද්ධිය හේතුවෙන් රෝහලේ දෛනික කටයුතු දැඩි ලෙස බාධා වී ඇති අතර, වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වෙමින් පවතින බව සඳහන් වේ.

Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
මෙරට ජනගහනයෙන් 41%කට අධික පිරිසක් අවිවාහකයි
Next
ලෝක ක්‍රිකට් උපදේශක කමිටුවට චමරි අතපත්තු

More in Politics