මෙරට සමස්ත ජනගහනයෙන් සියයට 41.8කට ආසන්න පිරිසක් අවිවාහකයින් වන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව පවසයි.
2024 ජන හා නිවාස සංගණනයෙන් මෙම තොරතුරු අනාවරණය වී ඇති අතර, ජන සංගණන හා ප්‍රජා විද්‍යා අංශයේ අධ්‍යක්ෂවරිය සඳහන් කළේ මෙම අගය 2012 වසර සමඟ සැසඳීමේදී සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවයි.
මෙම ප්‍රවණතාවය සමාජ හා ආර්ථික කරුණු කිහිපයක බලපෑමක් මත වර්ධනය වී ඇති බව විශේෂඥයන් පෙන්වා දෙයි.




