WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

දෙමටගොඩ චමින්ද ඝාතන සැලසුමක්?

I
Ishanka Jayasuriya
April 11, 2026 · 1 min read
349 viewsf𝕏W
දෙමටගොඩ චමින්ද ඝාතන සැලසුමක්?
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට මරණ දඬුවම නියමව සිටින චමින්ද රවී ජයනාත් හෙවත් දෙමටගොඩ චමින්ද ඝාතනය කිරීමේ තැතක් ඇති බවට වාර්තා වීමත් සමඟ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විමර්ශනයක් ආරම්භ කර තිබේ.
පොලිසිය සඳහන් කළේ, තමාව බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයෙන් වැලිසර නාවික හමුදා කඳවුරට මාරු කිරීම වැළැක්වීම සඳහා මෙම කටයුත්ත ඔහු විසින්ම මෙහෙයවා ඇති බවට සැක පළ කරන බවයි.
දෙමටගොඩ චමින්ද මේ වනවිට බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින අතර, එම ස්ථානයේ සිට ජංගම දුරකථන මාර්ගයෙන් අපරාධ මෙහෙයවන බවට පසුගිය කාලය පුරා බුද්ධි අංශ වාර්තා කර තිබුණි.
ඔහු වැලිසර නාවික හමුදා කඳවුරට මාරු කිරීමට සූදානම් බවට තොරතුරු පැතිරීමත් සමඟ, එහිදී ඔහු ඝාතනය කරන බවට හඬ පටයක්ද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී ඇත.
ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ මෙහෙයවීමෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර, අධිකරණ අවසරය මත බූස්ස බන්ධනාගාරයේ නිලධාරීන්ගෙන් සහ දෙමටගොඩ චමින්දගෙන් ප්‍රකාශ ලබාගැනීමටද කටයුතු කර ඇත.
පොලිසිය තවදුරටත් සැක පළ කරන්නේ, මෙම සිද්ධිය ඔහුගේ බන්ධනාගාර මාරුව වැළැක්වීමේ උත්සාහයක් ලෙස සැලකිය හැකි බවයි.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
ඇමරිකානු උප ජනාධිපති පාකිස්තාන අග්‍රාමාත්‍ය හමුවෙයි
Next
මෙරට ජනගහනයෙන් 41%කට අධික පිරිසක් අවිවාහකයි

More in Breaking News