තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය ජෝශප් විජෙයි විජෙයි මුල්ලිවයික්කාල් සිදුවීම් සිහිපත් කරමින් සිය නිල එක්ස් සමාජ මාධ්‍ය ගිණුමේ විශේෂ සටහනක් තබා තිබෙනවා.
එහිදී ඔහු සඳහන් කර ඇත්තේ මුල්ලිවයික්කාල් මතකයන් සදාකාලිකවම තම හදවත්වල රැඳී පවතින බවයි.
එමෙන්ම මුහුදෙන් එපිට ජීවත්වන දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් සහ ආරක්ෂාව වෙනුවෙන් සෑම අවස්ථාවකදීම එකමුතුව පෙනී සිටින බවද ඔහු සිය පණිවුඩයෙන් අවධාරණය කර තිබෙනවා.




