WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

රාජ්‍ය ආයතනවල ප්ලාස්ටික් බෝතල් භාවිතයට තහනමක්

I
Ishanka Jayasuriya
May 19, 2026 · 1 min read
202 viewsf𝕏W
රාජ්‍ය ආයතනවල ප්ලාස්ටික් බෝතල් භාවිතයට  තහනමක්
රාජ්‍ය ආයතනවල කසළ කළමනාකරණය විධිමත් කිරීම සඳහා නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව මැයි 31 වැනිදා සිට සියලුම රාජ්‍ය ආයතනවල එක්වරක් පමණක් භාවිත කරන ප්ලාස්ටික් වතුර බෝතල් මිලදී ගැනීම සහ භාවිතය සම්පූර්ණයෙන්ම නතර කළ යුතු බව දැනුම් දී තිබෙනවා.
එමෙන්ම එක්වරක් භාවිත කරන ප්ලාස්ටික් ද්‍රව්‍ය ආයතන තුළ භාවිත නොකිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස සියලුම ආයතන ප්‍රධානීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
කසළ අවම කිරීම, නැවත භාවිතය සහ ප්‍රතිචක්‍රීකරණය යන ක්‍රමවේද අනුගමනය කිරීම සියලුම රාජ්‍ය ආයතන සඳහා අනිවාර්ය කර තිබෙනවා.
මෙම නව උපදෙස් පරිසර ආරක්ෂාව සහ පිරිසිදු රාජ්‍ය සේවාවක් ඇති කිරීම අරමුණු කරගෙන නිකුත් කර ඇති බව සඳහන් වෙනවා.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
මුල්ලිවයික්කාල් මතකය ගැන විජේගෙන් සටහනක්
Next
ඉරාන ප්‍රහාර සැලසුම ට්‍රම්ප් තාවකාලිකව නවතයි

More in Breaking News