WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
WorldBreaking

ඉරාන ප්‍රහාර සැලසුම ට්‍රම්ප් තාවකාලිකව නවතයි

I
Ishanka Jayasuriya
May 19, 2026 · 1 min read
226 viewsf𝕏W
ඉරාන ප්‍රහාර සැලසුම ට්‍රම්ප් තාවකාලිකව නවතයි
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයට එල්ල කිරීමට සැලසුම් කර තිබූ ප්‍රහාරයක් තාවකාලිකව නවතා දැමූ බව ප්‍රකාශ කර තිබේ.
ඔහු සඳහන් කර ඇත්තේ යුද්ධය අවසන් කිරීම සඳහා ගිවිසුමක් පිළිබඳ සාකච්ඡා කිරීමට අවස්ථාව ලබාදීමේ අරමුණින් මෙම පියවර ගත් බවයි.
ඒ අනුව ඉරානයට එල්ල කිරීමට නියමිතව තිබූ ප්‍රහාරය සිදු නොකිරීමට අමෙරිකානු හමුදාවට උපදෙස් ලබාදී ඇති බවත්, නමුත් එකඟතාවකට නොපැමිණෙන්නේ නම් දැඩි ප්‍රහාරයක් සඳහා සූදානම්ව සිටින ලෙසද නියෝග කර ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.
එමෙන්ම කටාර්, සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නායකයන්ගේ ඉල්ලීම මත මෙම තීරණය ගත් බවද ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය සටහනකින් පවසා ඇත.
කෙසේවෙතත්, යෝජිත ගිවිසුමේ විස්තර මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැති බවද වාර්තා වේ.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
රාජ්‍ය ආයතනවල ප්ලාස්ටික් බෝතල් භාවිතයට තහනමක්
Next
තලවිල වෙරළෙන් ජාවාරම් භාණ්ඩ තොගයක් සොයාගනී

More in World