නාවික හමුදාව කල්පිටිය තලවිල වෙරළ ප්‍රදේශයේ සිදුකළ මුර සංචාරයකදී නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බවට සැක කෙරෙන විශාල භාණ්ඩ තොගයක් සිය භාරයට ගෙන තිබෙනවා.
වයඹ නාවික විධානයට අයත් නිලධාරීන් පිරිසක් විසින් වෙරළ තීරයේ දමාගොස් තිබූ සැකකටයුතු උර 28ක් පරීක්ෂා කිරීමේදී මෙම භාණ්ඩ සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
එහිදී වියළි කහ කිලෝග්‍රෑම් 496ක්, විදේශීය දුම්වැටි පැකට් 6,000ක්, රූපලාවන්‍ය ආලේපන ඇසුරුම් 1,958ක්, කෘමිනාශක දියර බෝතල් 1,146ක් සහ කෘමිනාශක පැකට් 15,180ක් සොයාගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් භාණ්ඩ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කල්පිටිය පොලීසිය වෙත භාරදී ඇති අතර, මුහුදු මාර්ග ඔස්සේ සිදුවන ජාවාරම් මැඩපැවැත්වීම සඳහා අඛණ්ඩ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව නාවික හමුදාව සඳහන් කළා.




