ජනාධිපති අනුර කුමාර දිසානායක රාගම පිහිටි රණවිරු සෙවණ සුවතා නිකේතනය වෙත ගොස් ප්‍රතිකාර ලබන හමුදා සාමාජිකයන්ගේ සුවදුක් විමසා තිබෙනවා.
එහිදී ජනාධිපතිවරයා හමුදා සාමාජිකයන් සමඟ සුහද කතාබහක නිරත වෙමින් රටේ ඒකීයභාවය වෙනුවෙන් ඔවුන් සිදුකළ කැපවීම අගය කර තිබෙනවා.
අනතුරුව සුවතා නිකේතනයේ වෛද්‍යවරුන් සහ කාර්ය මණ්ඩලය සමඟද සාකච්ඡා කළ ජනාධිපතිවරයා, ප්‍රතිකාර ලබන රණවිරුවන්ට තවදුරටත් ලබාදිය හැකි වෛද්‍ය සහ සෙසු පහසුකම් පිළිබඳවද සොයා බලා තිබෙනවා.
මෙම අවස්ථාවට අමාත්‍යවරුන්, ආරක්ෂක අමාත්‍යාංශ නිලධාරීන් සහ යුද හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද එක්ව සිටියා.




