මැදපෙරදිග කලාපයේ පවතින යුද තත්ත්වය හේතුවෙන් තෙල් ප්‍රවාහනයට බාධා එල්ලවීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ ඉන්ධන ගබඩා වේගයෙන් අඩුවෙමින් පවතින බව ජාත්‍යන්තර බලශක්ති අංශ ප්‍රධානීන් අනතුරු අඟවා තිබෙනවා.
රටවල් කිහිපයක් තම හදිසි ඉන්ධන ගබඩා වෙළෙඳපොළට නිකුත් කළද, පවතින තොග දිගින් දිගටම අඩුවෙමින් පවතින බව සඳහන් වෙනවා.
උතුරු අර්ධගෝලයේ නිවාඩු සමය ආරම්භ වීමත් සමඟ ඉන්ධන ඉල්ලුම ඉහළ යා හැකි බවත්, ඒ හේතුවෙන් ඉදිරියේදී ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානම වැඩිවී ඇති බවත් වාර්තා වනවා.
විශේෂයෙන් ගුවන් යානා සඳහා භාවිත කරන ඉන්ධන හිඟයක් ඇතිවිය හැකි බවට ගුවන් සේවා අංශද අනතුරු අඟවා තිබෙනවා.
විශේෂඥයින් පවසන්නේ පවතින ගබඩා සදාකාලික නොවන බවත්, මේ ආකාරයෙන් අඩුවීම දිගටම පැවතුනහොත් ලෝක වෙළෙඳපොළට දැඩි බලපෑම් එල්ල විය හැකි බවත්ය.




