WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

රණවිරු විජයග්‍රාහී සැමරුම අද

I
Ishanka Jayasuriya
May 19, 2026 · 1 min read
195 viewsf𝕏W
රණවිරු විජයග්‍රාහී සැමරුම අද
යුද ජයග්‍රහණයට වසර 17ක් සපිරීම නිමිත්තෙන් ජාතික විජයග්‍රාහී සැමරුම් උත්සවය අද (19) බත්තරමුල්ල රණවිරු ස්මාරකය අසලදී ජනපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි.
මෙවර උත්සවයේ විශේෂත්වයක් ලෙස උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල දිවි පිදූ ද්‍රවිඩ සහ මුස්ලිම් රණවිරුවන්ගේ ඥාතීන්ටද සහභාගි වීමට අවස්ථාව ලබාදී තිබේ. ඒ අනුව පවුල් 30කට ආරාධනා කර ඇති අතර ඔවුන්ගේ සහභාගිත්වයද තහවුරු වී ඇතැයි රණවිරු සේවා අධිකාරිය සඳහන් කළේය.
රණවිරු පවුල්වල සහභාගිත්වය මෙවර සැලකිය යුතු ලෙස වැඩි කර ඇති අතර රණවිරු දෙමව්පියන් 160 දෙනෙකුටද ප්‍රධාන උත්සවයට එක්වීමට අවස්ථාව හිමිව තිබේ.
යුද, නාවික, ගුවන් හමුදා, පොලීසිය, විශේෂ කාර්ය බලකාය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ඇතුළු අංශ නියෝජනය කරමින් සමස්තයෙන් 2,769 දෙනෙකු උත්සවයට එක්වීමට නියමිතය.
සැමරුම් උත්සවය අද සවස 6.45ට පමණ අවසන් කිරීමට සැලසුම් කර ඇත.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
අගමැතිනිය ලන්ඩන් නුවර රාජ්‍ය නායක සමුළුවට පිටත්ව යයි
Next
ලෝක ඉන්ධන ගබඩා ඉක්මනින් හිස් වෙයි

More in Breaking News