එක්සත් රාජධානියේ ලන්ඩන් නුවර පැවැත්වෙන රාජ්‍ය නායක සමුළුවකට සහභාගී වීම සඳහා අගමැතිනි හරිනි අමරසූරිය මහත්මිය අද (18) පස්වරුවේ දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.
ගුවන් තොටුපොළ වාර්තා අනුව අග්‍රාමාත්‍යවරිය සමඟ දෙදෙනෙකුගෙන් යුත් දූත පිරිසක්ද මෙම නිල සංචාරයට එක්ව ඇත.
අගමැතිනිවරිය ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL 403 ගුවන් යානයෙන් පස්වරු 1.20ට පමණ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් ලන්ඩන් බලා පිටත්ව ගොස් ඇති බව සඳහන් වේ.
මෙම රාජ්‍ය සංචාරය අවසන් කිරීමෙන් පසු දූත පිරිස 2026 මැයි 23 වැනිදා නැවත දිවයිනට පැමිණීමට නියමිතය.




