WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

පුද්ගලයින් ලියාපදිංචි දෙපාර්තමේන්තුවේ සේවා හෙට තාවකාලිකව නවතයි

I
Ishanka Jayasuriya
April 16, 2026 · 1 min read
271 viewsf𝕏W
පුද්ගලයින් ලියාපදිංචි දෙපාර්තමේන්තුවේ සේවා හෙට තාවකාලිකව නවතයි
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, එහි ප්‍රධාන කාර්යාලය සහ පළාත් කාර්යාල සියල්ලේම මහජන සේවාවන් හෙට (17) දිනයේ තාවකාලිකව අත්හිටුවන බවයි.
එක්දින සේවාවද ඇතුළුව සියලු සේවාවන් මෙලෙස නවතා දැමීමට හේතුව වී ඇත්තේ පරිගණක පද්ධතියේ ඇති වූ හදිසි බිඳවැටීමකි.
එම පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය අලුත්වැඩියා කටයුතු දැනට ක්‍රියාත්මක වෙමින් පවතින බවත්, ඒ නිසා මහජන සේවා සැපයීම නවතා තැබීමට සිදු වූ බවත් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
ඇමති ලාල්කාන්තගේ වත්කම් රු. කෝටි 46 ඉක්මවයි
Next
සැකසහිත උරතොගයක් සමඟ ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට

More in Breaking News