WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

අවුරුදු සමයේ මාර්ග අනතුරු 42ක් – මරණ 44ක්

I
Ishanka Jayasuriya
April 16, 2026 · 1 min read
266 viewsf𝕏W
අවුරුදු සමයේ මාර්ග අනතුරු 42ක් – මරණ 44ක්
අප්‍රේල් 10 සිට 15 දක්වා කාලය තුළ දිවයින පුරා සිදු වූ මාර්ග අනතුරු 42ක් හේතුවෙන් පුද්ගලයින් 44 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය අනාවරණය කරයි.
පොලිස් රථවාහන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී.ජේ. සේනාධීර මහතා සඳහන් කළේ, අවුරුදු සමයේ ප්‍රධාන දින තුන වන අප්‍රේල් 13, 14 සහ 15 දිනවලදී පමණක් අනතුරු 19ක් වාර්තා වී ඇති අතර, එම අනතුරු වලින් 19 දෙනෙකු මියගොස් ඇති බවයි.
වාහන වර්ග අනුව සලකා බැලීමේදී, යතුරුපැදි සම්බන්ධ අනතුරු 16ක් ලෙස වැඩිම ප්‍රමාණයක් වාර්තා වී ඇති අතර, ත්‍රිරෝද රථ 4ක්, වෑන් රථ 4ක්, මෝටර් රථ 2ක්, කැබ් රථ 2ක්, පාපැදි 2ක් සහ හප්පා පලායෑමේ සිද්ධියක් ද එයට අයත් වේ.
පසුගිය 2025 වසරේ අවුරුදු දින තුන තුළ අනතුරු 25ක් සහ මරණ 26ක් වාර්තා වූ අතර, මේ වසරේ එම සංඛ්‍යාව අනතුරු 19ක් දක්වා පහළ ගොස් ඇති බව ද ඔහු පැවසීය.
මෙම අනතුරු සිදුවීමට ප්‍රධාන හේතුව ලෙස බීමත් තත්ත්වයෙන් රිය පැදවීම හඳුනාගෙන ඇති බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
PHI වැටලීම්වලින් වෙළෙඳුන් 400කට වැඩි පිරිසකට නීතිමය පියවර
Next
ඇමති ලාල්කාන්තගේ වත්කම් රු. කෝටි 46 ඉක්මවයි

More in Breaking News