WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

PHI වැටලීම්වලින් වෙළෙඳුන් 400කට වැඩි පිරිසකට නීතිමය පියවර

I
Ishanka Jayasuriya
April 16, 2026 · 1 min read
275 viewsf𝕏W
PHI වැටලීම්වලින් වෙළෙඳුන් 400කට වැඩි පිරිසකට නීතිමය පියවර
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සමගාමීව දිවයින පුරා සිදුකළ විශේෂ වැටලීම්වල ප්‍රතිඵලයක් ලෙස වෙළෙඳුන් 400කට අධික පිරිසක් විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ප්‍රකාශ කරයි.
එම සංගමයේ ප්‍රධාන ලේකම් චමිල් මුතුකුඩ මහතා සඳහන් කළේ, අප්‍රේල් 1 සිට 12 දක්වා කාලය තුළ සිදුකළ වැටලීම් 2,000කට ආසන්න සංඛ්‍යාවක් මඟින් වෙළෙඳසැල් 12,000කට වැඩි ප්‍රමාණයක් පරීක්ෂාවට ලක්කර ඇති බවයි.
මෙහිදී සනීපාරක්ෂාව නොපිළිපදිමින් ආහාර අලෙවි කිරීම, කල් ඉකුත් වූ ආහාර විකිණීම ඇතුළු නීතිවිරෝධී ක්‍රියා සම්බන්ධයෙන් අදාල වෙළෙඳසැල්වලට එරෙහිව නීතිමය පියවර ගෙන තිබේ.
ඉදිරියේදී වෙසක් සහ පොසොන් උත්සවයන් මුල් කරගෙන මෙවැනි වැටලීම් තවදුරටත් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
හදිසි රාජකාරී සඳහා පිටත්වීමේ නැකත හෙට
Next
අවුරුදු සමයේ මාර්ග අනතුරු 42ක් – මරණ 44ක්

More in Breaking News