WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

හදිසි රාජකාරී සඳහා පිටත්වීමේ නැකත හෙට

I
Ishanka Jayasuriya
April 16, 2026 · 1 min read
259 viewsf𝕏W
  හදිසි රාජකාරී සඳහා පිටත්වීමේ නැකත හෙට
සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකැත් සීට්ටුව අනුව හදිසි රාජකාරී සඳහා පිටත්ව යාමට සුදුසු නැකත හෙට (17) දිනට යෙදී තිබෙන බව සඳහන් වේ.
එම නැකත අනුව, හෙට පෙරවරු 5.38ට රන්වන් වර්ණ වස්ත්‍ර ඇඳගෙන, කිරි මිශ්‍ර කිරිබත, හෙළ මෝරු සහ උදු මිශ්‍ර කැවිලි භුක්ති විඳ, උතුරු දිශාව බලා පිටත්ව යාම යහපත් බව නිර්දේශ කර ඇත.
එසේම, අප්‍රේල් 20 වන සඳුදා පෙරවරු 6.27ට රැකීරක්ෂා සඳහා පිටත්වීමේ නැකත ද යෙදී ඇති අතර, එහිදී ශ්වේත වර්ණ වස්ත්‍ර පැළඳ, කිරිබත සහ එළකිරි මිශ්‍ර ආහාර භුක්ති විඳ දකුණු දිශාව බලා පිටත්ව යාම සුදුසු බව සඳහන්ය.
තවත් විකල්පයක් ලෙස එදිනම පෙරවරු 6.50ට මුතු සහ ශ්වේත වර්ණ ඇඳුම් ඇඳගෙන, ගිතෙල් හා තල මිශ්‍ර කිරිබත සහ කැවිලි අනුභව කර නැගෙනහිර දිශාව බලා ගමන් කිරීමද යහපත් ලෙස සළකා ඇත.
මේ අතර, පැළ සිටුවීම සඳහා සුබ නැකත අප්‍රේල් 23 වන බ්‍රහස්පතින්දා පෙරවරු 9.01ට යෙදී ඇති අතර, රන්වන් වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා එම කටයුතු ආරම්භ කිරීම මැනවියැයි නැකැත් සීට්ටුවේ සඳහන් වේ.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
දුම්රිය හා බස් ධාවනය අද සිට වැඩි වීමක්
Next
PHI වැටලීම්වලින් වෙළෙඳුන් 400කට වැඩි පිරිසකට නීතිමය පියවර

More in Breaking News