ආසියානු ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබාගැනීමේ අරමුණින් පැවැත්වෙන කාන්තා හොකී තරගාවලියට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා කාන්තා හොකී කණ්ඩායම ඉන්දුනීසියාව බලා පිටත්ව ගොස් ඇත.
මෙම තරගාවලිය අප්‍රේල් 23 වැනිදා සිට 29 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර ‘B’ කාණ්ඩයෙන් තරග වැදීමට නියමිත අතර, එම කාණ්ඩයට සිංගප්පූරුව, කසකස්තානය සහ සත්කාරක ඉන්දුනීසියාවද ඇතුළත් වේ.




