WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
WorldBreaking

ඇෆ්ගනිස්තාන සරණාගතයින්ගේ මානුෂීය අර්බුදය උග්‍ර වෙයි

I
Ishanka Jayasuriya
May 30, 2026 · 1 min read
190 viewsf𝕏W
ඇෆ්ගනිස්තාන  සරණාගතයින්ගේ   මානුෂීය අර්බුදය උග්‍ර වෙයි
ඇෆ්ගනිස්තානය ලොව දරුණුතම මානුෂීය අර්බුදයන්ගෙන් එකකට මුහුණ දෙමින් සිටින අතර, එරට ජනගහනයෙන් විශාල පිරිසක් ජීවත් වන්නේ ජාත්‍යන්තර ආධාර මත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එවන් පසුබිමක, ඉරානය සහ පාකිස්තානය විසින් ඇෆ්ගන් සරණාගතයින් සමූහ වශයෙන් නැවත සිය රටට පිටුවහල් කිරීම හේතුවෙන් බරපතළ මානුෂීය හා මානව හිමිකම් අර්බුදයක් මතුවී ඇති බව සඳහන් වේ.
2021 වසරේදී තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ බලය අත්පත් කර ගැනීමෙන් පසු ආර්ථික හා සමාජීය අර්බුද උග්‍ර වී ඇති අතර, ඒ හේතුවෙන් ලක්ෂ සංඛ්‍යාත ජනතාවකට රට හැර යාමට සිදුවිය.
වාර්තා අනුව, 2023 වසරේ සිට මේ දක්වා මිලියන 5කට අධික ඇෆ්ගන් සරණාගතයින් පිරිසක් ඉරානයෙන් සහ පාකිස්තානයෙන් නැවත ඇෆ්ගනිස්තානයට පිටුවහල් කර ඇති අතර, 2025 වසරේදී පමණක් එම සංඛ්‍යාව මිලියන 2.6ක් ලෙස වාර්තා වී තිබේ.
මේ අතර, ආහාර අනාරක්ෂිතභාවය, රැකියා හිඟය සහ මූලික සේවා සීමා වීම හේතුවෙන් නැවත පැමිණෙන ජනතාවගේ ජීවන තත්ත්වය පිළිබඳ ජාත්‍යන්තර අවධානය යොමුවී ඇත. 
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
ත්‍රෛයිනිකායික මහනායක මාහිමිපාණන්ලාගෙ වෙසක් දින පණිවිඩය
Next
දංගෙදර වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

More in World