WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

ත්‍රෛයිනිකායික මහනායක මාහිමිපාණන්ලාගෙ වෙසක් දින පණිවිඩය

I
Ishanka Jayasuriya
May 30, 2026 · 1 min read
140 viewsf𝕏W
ත්‍රෛයිනිකායික  මහනායක මාහිමිපාණන්ලාගෙ වෙසක් දින පණිවිඩය
වර්තමාන ගෝලීය අර්බුද හමුවේ ඉතිහාසයේ අන් කවරදාකටත් වඩා සම්බුද්ධ දේශනාවන්ගේ ආලෝකය ජීවිතයට සමීප කරගත යුතු කාලයක් උදා වී ඇති බව ත්‍රෛනිකායික මහානායක මාහිමිපාණන් වහන්සේලා වෙසක් දින පණිවුඩයෙන් අවධාරණය කර තිබේ.
සංසාරික දුක, එහි හේතුව, දුක නැති කිරීම සහ ඒ සඳහා වූ මාර්ගය පැහැදිලි කරන ශ්‍රී සම්බුද්ධ දේශනාවේ ඤාණමය ආලෝකයෙන් තම ජීවිත ප්‍රභාමත් කර ගැනීම සම්බුදු තෙමඟුලේ සැබෑ අර්ථය බව උන්වහන්සේලා පෙන්වා දෙති.
එමෙන්ම වර්තමානයේ පවතින බලශක්ති අර්බුදය ඇතුළු සමාජීය අභියෝග හමුවේ, ඡන්ද, ද්වේශ, භය සහ මෝහ යන සතර අගතිවලින් මිදී මෙත්තා, කරුණා, මුදිතා සහ උපේක්ෂා යන බ්‍රහ්මවිහාර ධර්මයන් වර්ධනය කර ගනිමින් ස්වර්ථ හා පරාර්ථ යන දෙඅංශයේම යහපත සඳහා කැපවිය යුතු බවද පණිවුඩයෙන් සඳහන් වේ.
මෙම වෙසක් දින ආශීර්වාද පණිවුඩය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල, වරකාගොඩ ශ්‍රී ඥානරතන, කරගොඩඋයන්ගොඩ මෛත්‍රී මූර්ති සහ මකුලෑවේ ශ්‍රී විමල යන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගේ අත්සනින් නිකුත් කර ඇත. 
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
සූර්ය පැනල ක්‍රියා විරහිත කරන්නැයි ඉල්ලීමක්
Next
ඇෆ්ගනිස්තාන සරණාගතයින්ගේ මානුෂීය අර්බුදය උග්‍ර වෙයි

More in Breaking News