විදුලිබල පද්ධතියේ ස්ථායිතාව සහ අඛණ්ඩ විදුලි සැපයුම පවත්වාගෙන යාමේ අරමුණින්, හෙට (31) දිනයේ සූර්ය පැනල ස්වේච්ඡාවෙන් ක්‍රියා විරහිත කරන ලෙස ජාතික පද්ධති ක්‍රියාකරු පුද්ගලික සමාගම ඉල්ලීමක් කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම සඳහන් කර ඇත්තේ හෙට දිනයේ විදුලි ඉල්ලුම අඩු මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කරන බැවින්, උදෑසන 8.00 සිට සවස 3.00 දක්වා කාලය තුළ සූර්ය පැනල ක්‍රියා විරහිත කර පද්ධතියේ ස්ථායිතාව රැක ගැනීමට සහාය ලබාදෙන ලෙසයි.
මෙය ස්වේච්ඡා ඉල්ලීමක් වන අතර, ජාතික විදුලිබල පද්ධතියේ සමතුලිතතාව ආරක්ෂා කිරීම සඳහා සූර්ය පැනල හිමිකරුවන්ගේ සහයෝගය අපේක්ෂා කරන බවද එම සමාගම වැඩිදුරටත් සඳහන් කර ඇත.




