WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

දංගෙදර වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

I
Ishanka Jayasuriya
May 30, 2026 · 1 min read
158 viewsf𝕏W
දංගෙදර වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට
ගාල්ල දංගෙදර ප්‍රදේශයේදී පසුගිය 12 වැනිදා පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය විසින් සිදුකරන විමර්ශනවලට අනුව, ඊයේ (29) බණ්ඩාරගම පොලිස් වසමේ මිල්ලගහ හන්දිය ප්‍රදේශයේදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
පොලීසිය සඳහන් කළේ, ඝාතනයට ආධාර අනුබල ලබාදුන් බවට සැක කෙරෙන මෙම පුද්ගලයා සන්තකයේ තිබූ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 3 මිලිග්‍රෑම් 810ක් ද සොයාගෙන ඇති බවයි.
මේ අතර, පසුගිය 23 වැනිදා වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය විසින් ද මෙම අපරාධයට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.
අදාළ වෙඩි තැබීම පසුගිය 12 වැනිදා උදෑසන මෝටර් රථයකින් පැමිණි තුවක්කුකරුවෙකු විසින් සිදුකර ඇති අතර, බරපතළ තුවාල ලැබූ පුද්ගලයා ගාල්ල කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ. 🚔
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
ඇෆ්ගනිස්තාන සරණාගතයින්ගේ මානුෂීය අර්බුදය උග්‍ර වෙයි
Next
දින 10ක් ගුහාවක සිරවූ පිරිසෙන් අයෙක් මුදාගනී

More in Breaking News