කලා කටයුතු සඳහා වන Kennedy Center for the Performing Arts මධ්‍යස්ථානයේ නිල නාමයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙ නම ඉවත් කරන ලෙස වොෂින්ටනයේ එක්සත් ජනපද දිස්ත්‍රික් විනිසුරු ක්‍රිස්ටෝපර් කූපර් නියෝග කර තිබේ.
අධිකරණ තීන්දුවට අනුව, කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතියකින් තොරව එම මධ්‍යස්ථානයේ නිල නාමය වෙනස් කළ නොහැකි බවත්, ඒ අනුව ට්‍රම්ප්ගේ නම ඇතුළත් සියලු පුවරු, ලේඛන සහ ඩිජිටල් සඳහන් ඉවත් කළ යුතු බවත් නියම කර ඇත.
එමෙන්ම අලුත්වැඩියා කටයුතු හේතුවෙන් මධ්‍යස්ථානය තාවකාලිකව වසා දැමීමට ගෙන තිබූ තීරණයද අත්හිටුවීමට නියෝග කර ඇති බව වාර්තා වේ.
අදාළ නියෝගයට අනුව, දින 14ක් ඇතුළත සියලු නිල ලේඛන සහ පුවරු යළි “John F. Kennedy Memorial Center for the Performing Arts” ලෙස සකස් කළ යුතුය.
මෙම නඩුවට සම්බන්ධ පාර්ශවයන් නියෝගයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට සූදානම් බවද විදෙස් වාර්තා සඳහන් කරයි.




