WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
WorldBreaking

ඉරානය ඊශ්‍රායලයට අනතුරු අගවයි

I
Ishanka Jayasuriya
April 9, 2026 · 1 min read
318 viewsf𝕏W
ඉරානය ඊශ්‍රායලයට  අනතුරු අගවයි
ඊශ්‍රායලය විසින් ලෙබනනය ඉලක්ක කරමින් එල්ල කළ දැවැන්ත ප්‍රහාර මාලාවෙන් පසු, ඉරානය එයට ප්‍රතිප්‍රහාර එල්ල කරන බව අනතුරු ඇඟවී ඇත.
ලෙබනනයට එල්ල වූ ප්‍රහාර මාලාව හේතුවෙන්, අමෙරිකානු – ඉරාන සාම ගිවිසුමක් සාකච්ඡා කිරීමේ අවදානමක් මතුවී ඇති බව ඉරානය අවධාරණය කරයි.
ඊයේ (08) පැවැති මෙම ප්‍රහාර මාලාව තුළ ලෙබනනයේ ඉලක්ක 100ක් වෙත එල්ල වූ අතර, පුද්ගලයින් 250ක් මියගොස් ඇති බව වාර්තා වේ. තවත් 1,165 දෙනෙකු තුවාල ලබා ඇති බව ලෙබනනයේ සිවිල් ආරක්ෂක අංශ වාර්තා කරයි.
මෙම ප්‍රහාරය, ඊශ්‍රායලය විසින් ලෙබනනයට එරෙහි මෙහෙයුම් ආරම්භ කිරීමෙන් පසු සිදු කළ දැවැන්තම ප්‍රහාරයක් බවද වාර්තා වේ.
ඒ අනුව, මේ සිදුවීමෙන් කලාපීය සාම ගිවිසුම් බිඳ වැටීමේ දැඩි අවදානමක් මතුවී තිබේ.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
ණය වාරික පිළිබද IMF නිවේදනයක්
Next
ඊශ්‍රායල් ප්‍රහාරය පිළිබද දැඩි විවේචනය

More in World