ඊශ්‍රායලය විසින් ලෙබනනය පුරා එල්ල කළ දැවැන්ත ප්‍රහාර මාලාව එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් දැඩි ලෙස විවේචනය කර තිබේ.
මෙම ප්‍රහාරවලින් ළමයින් ඇතුළු සිවිල් වැසියන් ගණනක් මියගොස් ඇති අතර, තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබේ.
මහලේකම්වරයා වෙනුවෙන් නිකුත් කළ ප්‍රකාශයේ, ඔහුගේ ප්‍රකාශක ස්ටෙෆාන් ඩුජාරික් සඳහන් කළේ,
"සිවිල් වැසියන්ගේ ජීවිත අහිමි වීම මහලේකම්වරයා දැඩි ලෙස හෙළා දකින අතර, දිනෙන් දින ඉහළ යන සිවිල් මරණ සංඛ්‍යාව පිළිබඳව ඔහු දැඩි කනස්සල්ලට පත්ව සිටී."
ලෙබනනය තුළ පවතින හමුදා ක්‍රියාකාරකම්, අමෙරිකාව සහ ඉරානය අතර ඇති සටන් විරාමයට බරපතළ අවදානමක් එල්ල කරන බවද මහලේකම්වරයා අවධාරණය කරයි.
ඔහු සියලු පාර්ශ්වයන්ගෙන් වහාම සතුරුකම් නතර කරන ලෙස ඉල්ලා සිටියි. මෙයට කිසිදු හමුදාමය විසඳුමක් නොමැති බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කර ඇත.




