WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
WorldBreaking

ආටිමිස් 2 කණ්ඩායම හෙට යළි පෘථිවියට

I
Ishanka Jayasuriya
April 9, 2026 · 1 min read
349 viewsf𝕏W
ආටිමිස් 2 කණ්ඩායම හෙට යළි පෘථිවියට
ආටිමිස් II මෙහෙයුම සඳහා සඳ වටා ගිය ගගනගාමීන් පිරිස හෙට (10) දිනයේ යළි පෘථිවිය වෙත ආපසු පැමිණීමට නියමිතව ඇත.
ඔරායන් අභ්‍යවකාශ යානයේ සිටින සිව්දෙනා ඔවුන්ගේ මෙහෙයුම සම්පූර්ණ කරමින් හෙට සැන් ඩියාගෝ වෙරළට ඔබ්බ වූ මුහුදට පතිත වීමට නියමිතයි.
නාසා ආයතනයේ සැලසුම් අනුව, අප්‍රේල් 10 සිකුරාදා රාත්‍රී 8.07 ට (ශ්‍රී ලංකා වේලාවෙන් අනිද්දා අලුයම 5.37 ට) ඔරායන් අභ්‍යවකාශ යානය පැරචුට් මගින් මුහුදට පතිත වනු ඇත.
ඊට අනතුරුව, නාසා සහ යුද දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එක්ව ගගනගාමීන් ආරක්ෂිතව USS John P. Murtha නෞකාව වෙත රැගෙන යාමට කටයුතු කරනු ඇත.
මෙම ආටිමිස් II මෙහෙයුමෙන් ඔරායන් යානය 1970 වසරේදී 'ඇපලෝ 13' මෙහෙයුම විසින් තබා ඇති සැතපුම් 248,655 km දුර වාර්තාව අභිබවා යාමට සමත් වුණා.
මෙම අභ්‍යවකාශ යානය සඳ මත ගොඩබැසීමේ සැලසුමක් නොතිබූ අතර, පෘථිවියෙන් නොපෙනෙන සඳ පිටුපස ප්‍රදේශය හරහා පියාසර කරමින් ඡායාරූප ලබා ගැනීම හා යානයේ ක්‍රියාකාරීත්වය පරීක්ෂා කිරීම මෙහෙයුමේ ප්‍රධාන කාර්යයන් විය.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
ඊශ්‍රායල් ප්‍රහාරය පිළිබද දැඩි විවේචනය
Next
තුෂාරගෙ පැමිණිල්ලට විරෝධය

More in World