WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

තුෂාරගෙ පැමිණිල්ලට විරෝධය

sri lanka cricket

I
Ishanka Jayasuriya
April 9, 2026 · 2 min read
367 viewsf𝕏W
තුෂාරගෙ  පැමිණිල්ලට විරෝධය
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක නුවන් තුෂාර විසින් 2026 වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් ඇතුළු ජාත්‍යන්තර තරගාවලි සඳහා සහභාගි වීමට “විරෝධතා නොමැති බව” සඳහන් සහතිකයක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කළ පැමිණිල්ලට විරෝධය ගොනු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කොළඹ දිසා අධිකරණයට දැනුම් දී තිබේ.
ඒ අනුව, අදාළ කරුණු සලකා බැලූ දිසා අධිකරණය මෙම පැමිණිල්ල අප්‍රේල් 23 වනදා කැඳවීමට නියම කළේය.
පැමිණිලිකරු පෙන්වා දෙන්නේ, තමන් ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයෙකු වන අතර ශ්‍රී ලංකා ක්‍රිකට් සමග ඇති ගිවිසුම මාර්තු 31 දිනෙන් අවසන් වූ බවයි. මීට පෙරද ජාත්‍යන්තර ප්‍රිමියර් ලීග් තරගාවලී සඳහා සහභාගි වී ඇති අතර, ඒ සඳහා අවශ්‍ය සහතිකය 2024 සහ 2025 වසරවලදී ලබාදී තිබූ බවත් ඔහු සඳහන් කරයි.
එහෙත් 2026 වසර සඳහා එම සහතිකය ලබාදීම ප්‍රතික්ෂේප කළ බවත්, ඒ හේතුවෙන් තමන්ට තරගාවලී සඳහා සහභාගි වීමට නොහැකි වී ඇති බවත් ඔහු චෝදනා කරයි.
මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් පාර්ශවය පවසන්නේ, ක්‍රීඩකයා ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය සාර්ථකව සමත් නොවීම මත තේරීම් කමිටුවේ නිර්දේශ අනුව එම තීරණය ගත් බවයි.
කෙසේ වෙතත්, තමන් එම චෝදනා ප්‍රතික්ෂේප කරන බවත්, ගිවිසුම කල් ඉකුත් වී ඇති පසු මෙම සහතිකය නොදීම නීති විරෝධී බවත් නුවන් තුෂාර අධිකරණය වෙත දැනුම් දී ඇත.
ඒ අනුව, අදාළ තරගාවලි සඳහා සහභාගි වීමට හැකිවන ලෙස එම සහතිකය නිකුත් කිරීමට අනිවාර්ය අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද ඔහු අධිකරණයෙන් ඉල්ලා ඇත.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
ආටිමිස් 2 කණ්ඩායම හෙට යළි පෘථිවියට
Next
හදිසි නීති පනත සම්මත වෙයි

More in Breaking News