අමෙරිකානු ජනාධිපති ආර්යා මෙලනියා ට්‍රම්ප්, අපරාධකරුවෙකු ලෙස වරදකරු වී මියගිය ජෙෆ්රි එප්ස්ටයින් සහ ඔහුගේ සමීප සහායිකාව ගිස්ලේන් මැක්ස්වෙල් සමඟ තමන්ට කිසිදු පෞද්ගලික සම්බන්ධතාවයක් නොතිබූ බව ප්‍රකාශ කර ඇත.
ධවල මන්දිරයේදී සිදුකළ විශේෂ ප්‍රකාශයකදී ඇය පැවසුවේ, එප්ස්ටයින් විසින් ඇයව ඩොනල්ඩ් ට්‍රම්ප්ට හඳුන්වා දුන් බවටත්, ඔවුන් අතර හිතවත්කමක් පැවති බවටත් පැතිර යන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි.
තමන්ට එරෙහිව ඉදිරිපත් කර ඇති සියලු චෝදනා පදනම් රහිත බවද ඇය අවධාරණය කළාය.
“මම කිසිවිටෙකත් එප්ස්ටයින් හෝ ඔහුගේ සහකාරිය සමඟ හිතවත්කමක් පවත්වා නැහැ” යනුවෙන් ඇය පැහැදිලිව සඳහන් කළාය.
මේ අතර, මෙම සම්බන්ධතා පිළිබඳව පවතින වාර්තා සම්පූර්ණයෙන් අවසන් කළ යුතු බව ධවල මන්දිරයද මාධ්‍ය වෙත දැනුම් දී ඇත.




