WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Politics

පාර්ලිමේන්තුව අසල අද උද්⁣ඝෝෂනයක්

I
Ishanka Jayasuriya
April 10, 2026 · 1 min read
310 viewsf𝕏W
පාර්ලිමේන්තුව අසල අද උද්⁣ඝෝෂනයක්
පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගය පොලීසිය විසින් අද (10) වසා දමා ඇති බව වාර්තා වෙයි.
එය සිදුකර ඇත්තේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් විසින් සංවිධානය කළ විරෝධතාවයක් හේතුවෙනි.
බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට ඉල්ලා අස්වන ලෙස බල කරමින් මෙම උද්ඝෝෂණය පොල්දූව මංසන්ධියේ, පාර්ලිමේන්තු පිවිසුම අසල පැවැත්වෙයි.
මෙම විරෝධතාවයට මහජනතාවද එක්ව සිටින අතර, බාල ගල් අඟුරු ගනුදෙනුවක් හේතුවෙන් රුපියල් බිලියන ගණනක පාඩුවක් සිදුවී ඇති බවට චෝදනා කරමින් අදාළ අමාත්‍යවරයා වහාම ධුරයෙන් ඉවත් කරන ලෙස ඔවුන් ඉල්ලා සිටිති.
මේ අතර, අමාත්‍යවරයාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවද අද දිනයේදී පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතය.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
එප්ස්ටයින් සමඟ සම්බන්ධතාවය මෙලනියා ප්‍රතික්ෂේප කරයි
Next
ඉරානයට එල්ල වූ ප්‍රහාරවලින් 3,000කට අධික මරණ

More in Politics