අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 3,000කට අධික පිරිසක් මිය ගොස් ඇති බව ඉරානය පවසයි.
අමෙරිකාව කේන්ද්‍ර කරගත් මානව හිමිකම් ක්‍රියාකාරීන්ගෙන් සමන්විත HRANA ප්‍රවෘත්ති ඒජන්සිය අප්‍රේල් 7 වැනිදා නිකුත් කළ වාර්තාවක සඳහන් වන්නේ, මෙම ගැටුම් හේතුවෙන් සිවිල් පුද්ගලයින් 1,701 දෙනෙකු මිය ගොස් ඇති බවයි.
එමෙන්ම, පෙබරවාරි 28 වැනිදා සිට ඉරාන හමුදා සාමාජිකයින් 1,221 දෙනෙකු මිය ගොස් ඇති අතර, තවත් 714 දෙනෙකුගේ මරණ වර්ගීකරණය නොකළ බවද එම වාර්තාවේ සඳහන් වේ.




