අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් කමල් අමරසිංහ මහතා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
සැකකරු අද (10) දින කුරුණෑගල පිලැස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර, එහිදී මහේස්ත්‍රාත්වරයා ඔහුව එළැඹෙන 20 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.
නීති විරෝධීව එකලස් කරන ලද කැබ් රථයක් සම්බන්ධයෙන් ලැබුණු තොරතුරකට අනුව, වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය සිදු කළ විමර්ශනයකින් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.




