WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

දිවයිනපුරා විශේෂ සෝදිසි මෙහෙයුමක්

I
Ishanka Jayasuriya
April 10, 2026 · 1 min read
305 viewsf𝕏W
දිවයිනපුරා විශේෂ සෝදිසි මෙහෙයුමක්
අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් යටතේ ඊයේ (09) දිනයේදී පුද්ගලයින් 28,837ක් පරීක්ෂාවට ලක් කළ බව ශ්‍රී ලංකා පොලීසිය පවසයි.
පොලීසිය නිකුත් කළ නිවේදනයකට අනුව, එම සෝදිසි මෙහෙයුම් මගින් සැකපිට පුද්ගලයින් 763 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් අතරින් 27 දෙනෙකු අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගෙන තිබේ.
එමෙන්ම, වරෙන්තුකරුවන් 240ක් සහ විවෘත වරෙන්තුකරුවන් 165ක් ද මෙහිදී අත්අඩංගුවට ගෙන ඇත.
තවද, මෙහෙයුම් අතරතුර බීමත් රියදුරන් 132ක් සහ අපරික්ෂාකාරීව රිය පැදවූ පුද්ගලයින් 78ක් ද අත්අඩංගුවට පත්ව ඇති අතර, රථවාහන වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 4,579කට එරෙහිව නීතිමය පියවර ගැනීමටද පොලීසිය කටයුතු කර තිබේ.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් රක්ෂිත බන්ධනාගාරයට
Next
ඇමරිකා–ඉරාන සාම සාකච්ඡා ඉස්ලාමාබාද්

More in Breaking News