පාකිස්තානයේ මැදිහත්වීමෙන් ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර පැවැත්වෙන තීරණාත්මක සාම සාකච්ඡාවේ පළමු දිනය අද (10) ඉස්ලාමාබාද් අගනුවරදී ආරම්භ වීමට නියමිතය.
මෙම සාකච්ඡා හේතුවෙන් නගරය පුරා දැඩි ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති අතර, විශේෂ රාජ්‍යතාන්ත්‍රික අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් පාකිස්තාන රජය විසින් දින දෙකක රජයේ නිවාඩුවක්ද ප්‍රකාශයට පත් කර ඇත.
සාකච්ඡා පැවැත්වීමට නියමිත Serena හෝටලය සම්පූර්ණයෙන්ම ආරක්ෂක බලකායන් යටතට ගෙන ඇති අතර, එහි රැඳී සිටි සියලුම අමුත්තන් ඉවත් කිරීමට ද උපදෙස් ලබා දී තිබේ.
තවද, හෝටලය අවට කිලෝමීටර් 3ක කලාපයක් සම්පූර්ණයෙන්ම හුදෙකලා කල ඇති අතර, එම ප්‍රදේශයට ප්‍රවේශ වීම තහනම් කර ඇත. අගනුවර තුළ වාහන දැඩි සෝදිසි කිරීම්වලට ලක්වන අතර, හෝටලය ඉහළින් ගුවන් කලාපයද වසා දමා තිබේ.




