සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඊයේ (09) සිය සහතිකය සටහන් කර තිබේ.
මෙම පනත් කෙටුම්පතේ දෙවන වර කියවීමේ විවාදය පසුගිය 07 දින පැවති අතර, තෙවන වර කියවීමේදී සංශෝධන සහිතව එය සම්මත වී ඇත.
නව සංශෝධන අනුව, 2022 අංක 25 දරන සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත සංශෝධනය කරමින් බදු සඳහා ලියාපදිංචි වීමට අවශ්‍ය වාර්ෂික ව්‍යාපාර පිරිවැටුම් සීමාව රුපියල් මිලියන 60 සිට රුපියල් මිලියන 36 දක්වා අඩු කර ඇත.
එමෙන්ම, නව ලියාපදිංචි අවශ්‍යතා සහ ලියාපදිංචිය අවලංගු කිරීම සම්බන්ධ විධිවිධාන හඳුන්වා දී ඇති අතර, මෝටර් වාහන සම්බන්ධයෙන් පැවති ඇතැම් බදු නිදහස් කිරීම්ද සංශෝධනය කර තිබේ.
ඒ අනුව, මෙම පනත 2026 අංක 10 දරන සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (සංශෝධන) පනත ලෙස බලාත්මක වී ඇත.




