හෝමාගම, මොරගහහේන ප්‍රදේශයේ සිදුවූ පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් සැකකරුවන් පස්දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, මොරගහහේන ප්‍රදේශයේ හෝටලයක පුද්ගලයෙකු මියගොස් ඇති බවට ලැබුණු තොරතුරක් මත සිදුකළ විමර්ශන අතරතුර මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකළ බවයි.
අදාළ හෝටලයේ පුද්ගලික විශ්වවිද්‍යාලයක සිසුන් පිරිසක් විසින් ඊයේ (09) රාත්‍රී පැවැත්වූ සාදයක් අතරතුර ඇතිවූ බහින්බස්වීමක් හේතුවෙන් සිදුවූ පහරදීමකින් මෙම ඝාතනය සිදුව ඇති බව අනාවරණය වී ඇත.
එම පහරදීම සිදුකළ බවට සැකපිට, අදාළ විශ්වවිද්‍යාලයේම සිසුන් කිහිප දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.
මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 19ක් වූ නිකදළුපොත, වැල්ලව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතී.




