WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
WorldBreaking

උතුරු අරාබි මුහුදේ අනතුරට පත් නාවිකයින් 18 දෙනෙකු පාකිස්ථානය බේරා ගනී

I
Ishanka Jayasuriya
April 10, 2026 · 1 min read
303 viewsf𝕏W
උතුරු අරාබි මුහුදේ අනතුරට පත් නාවිකයින් 18 දෙනෙකු පාකිස්ථානය බේරා ගනී
පාකිස්තානය නාවික හමුදාව විසින් උතුරු අරාබි මුහුදේ අනතුරට පත් වූ වෙළඳ නෞකාවකින් නාවිකයින් 18 දෙනෙකු බේරාගෙන තිබේ.
“GOLD AUTUMN” නෞකාවෙන් නිකුත් කළ හදිසි ආපදා සංඥාවකට ප්‍රතිචාර දක්වමින් මෙම මෙහෙයුම සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
බේරාගත් නාවිකයින් 18 දෙනා විවිධ ජාතීන්ට අයත් පිරිසක් වන අතර, ඔවුන් අතර චීනය, බංග්ලාදේශය, මියන්මාරය, වියට්නාමය සහ ඉන්දුනීසියාව යන රටවල පුරවැසියන් ද ඇතුළත් වේ.
බේරාගත් නාවිකයින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා කරච්චි වරාය වෙත රැගෙන ගොස් ඇති අතර, ඉදිරියේදී ඔවුන්ගේ මව් රටවලට යළි පිටත් කිරීම සඳහා කටයුතු සැලසුම් කර ඇත.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
නුවන් තුෂාර SLC වෙතින් සමාව ඉල්ලයි
Next
CCD හිටපු අධ්‍යක්ෂ ඇතුළු 4 දෙනා අත්අඩංගුවට ගැනීම වැළැක්වූ අතුරු නියෝගයක්

More in World