මැදපෙරදිග යුද ගැටුම් අවසන් කිරීමේ අරමුණින් ඇමරිකාව සහ ඉරානය අතර පැවැත්වෙන සාම සාකච්ඡා අද (11) ඉස්ලාමාබාද්හිදී ආරම්භවීමට නියමිතය.
මෙම සාකච්ඡා සඳහා ඇමරිකාව වෙනුවෙන් එරට උප ජනාධිපති ඇතුළු නියෝජිත පිරිසක් සහ ඉරානය වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍ය ඇතුළු නියෝජිත පිරිසක් මේ වනවිට පාකිස්තානය වෙත පැමිණ සිටිති.
කෙසේ වෙතත්, සාකච්ඡා ආරම්භ වීමට පෙර ඉරාන පාර්ලිමේන්තු කථානායක විසින් කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ. ඒ අනුව විදේශ බැංකුවල තැන්පත් කර ඇති ඉරාන මුදල් වහා නිදහස් කරන ලෙසත්, ලෙබනනයේ ක්‍රියාත්මක සංවිධානයට එරෙහි ප්‍රහාර නවත්වන ලෙසත් ඔහු අවධාරණය කර ඇත.
ඉකුත් පෙබරවාරි 28 දින ඇමරිකාව හා ඊශ්‍රායලය විසින් ඉරානයට එරෙහිව ඒකාබද්ධ ප්‍රහාරයක් දියත් කිරීමෙන් පසු දින 40කට ආසන්න කාලයක් යුද ගැටුම් පැවති අතර, පාකිස්තානය මැදිහත්වීමෙන් අප්‍රේල් 8 දින සිට සති දෙකක තාවකාලික සටන් විරාමයක් මේ වනවිට ක්‍රියාත්මක වේ.




