ඉරානයේ නව උත්තරීතර නායක මොජ්තබා කමේනි බරපතළ තුවාල ලබා තවමත් ප්‍රතිකාර ලබමින් සිටින බව විදේශ ප්‍රවෘත්ති වාර්තා සඳහන් කරයි.
මැදපෙරදිග යුද ගැටුම් ආරම්භයේදී එල්ල වූ ප්‍රහාරයකින් එවක ආධ්‍යාත්මක නායක අයතුල්ලාහ් අලි කමේනි ජීවිතක්ෂයට පත්ව ඇති අතර, එම අවස්ථාවේදී ඔහුගේ පුත් මොජ්තබා කමේනිද ඒ අසල සිට ඇති බව වාර්තා වේ.
මධ්‍යම ටෙහෙරානයේ නායකයාගේ පරිශ්‍රයට එල්ල වූ ප්‍රහාරයෙන් මොජ්තබා කමේනිගේ මුහුණ බරපතළ ලෙස තුවාල වී විකෘති වී ඇති අතර, ඔහුගේ එක් පාදයකට හෝ දෙකටම දැඩි තුවාල සිදුවී ඇති බවද අනාවරණය වී ඇත.
කෙසේ වෙතත් වයස අවුරුදු පනස් හයක මොජ්තබා කමේනි මේ වනවිට වීඩියෝ සන්නිවේදන මාර්ග ඔස්සේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ සම්බන්ධ වෙමින් යුද මෙහෙයුම් නායකත්වය ලබාදෙමින් සිටින බව සඳහන් වේ.
දශක ගණනාවක සිට අභියෝගවලට මුහුණ දෙන ඉරානයේ වර්තමාන තත්ත්වය තුළ නව නායකයාගේ සෞඛ්‍ය තත්ත්වය රටේ අනාගතය පිළිබඳ තවදුරටත් ගැටලු මතු කරනු ඇතැයි විශ්ලේෂකයන් පෙන්වා දෙයි.




