අපරීක්ෂාකාරී හා අන්තරාදායක ලෙස රිය ධාවනය කරන සිදුවීම් සම්බන්ධ වීඩියෝ දර්ශන යොමුකිරීම සඳහා පොලීසිය විසින් නව වට්ස්ඇප් අංකයක් හඳුන්වාදී ඇත.
පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ඒ සඳහා 070-4755600 දරන දුරකථන අංකය භාවිතා කළ හැකි බවයි.
මෙම අංකය රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ පැය 24 පුරාම ක්‍රියාත්මක වන බවද එහි සඳහන් වේ.
අදාළ වීඩියෝ දර්ශන යොමු කිරීමේදී, එය සිදු වූ දිනය, ස්ථානය සහ පොලිස් වසම සඳහන් කර යොමු කරන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.




