WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

ලංකා ගල්අගුරු සමාගම් කාර්යාලයට මුද්‍රා තබයි

I
Ishanka Jayasuriya
April 11, 2026 · 1 min read
302 viewsf𝕏W
 ලංකා ගල්අගුරු සමාගම් කාර්යාලයට මුද්‍රා තබයි

ලංකා ගල්අගුරු සමාගමේ කාර්යාලය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මුද්‍රා තබා ඇති බව පොලීසිය සඳහන් කරයි.
ශ්‍රී ලංකාවට ගල් අඟුරු ආනයනය කිරීමේදී අක්‍රමිකතා සිදුවී ඇති බවට විගණන වාර්තා සහ පාර්ලිමේන්තුව තුළ මතුවී ඇති කරුණු සැලකිල්ලට ගනිමින් 2009 වසරේ සිට සිදුකළ ගල් අඟුරු ආනයන පිළිබඳ විධිමත් පරීක්ෂාවක් සිදුකරන ලෙස අද (11) පෙරවරුවේ ජනාධිපති ලේකම්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
එම පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අදාළ කාර්යාලයට මුද්‍රා තැබීමට කටයුතු කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මේ වනවිටත් ආරම්භ කර ඇති බව සඳහන් වේ.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
අපරීක්ෂාකාරී රිය ධාවන දර්ශන යැවීම සඳහා අලුත් අංකයක්
Next
ඇමරිකානු උප ජනාධිපති පාකිස්තාන අග්‍රාමාත්‍ය හමුවෙයි

More in Breaking News