බස්නාහිර පළාතේ කොළඹ ප්‍රදේශයේ අලෙවිසැල් කිහිපයක් ඉලක්ක කරමින් සිදුකළ වැටලීමකදී රුපියල් කෝටි 2කට අධික වටිනාකමකින් යුත් විදේශ මත්පැන් තොගයක් සුරාබදු දෙපාර්තමේන්තුව විසින් සිය භාරයට ගෙන තිබේ.
සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. බී. ප්‍රේමරත්න මහතා සඳහන් කළේ විශ්වාසවන්ත තොරතුරක් මත සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය විසින් මෙම වැටලීම සිදුකළ බවයි.
මෙම මෙහෙයුම සඳහා කණ්ඩායම් 4ක් යටතේ නිලධාරීන් 30 දෙනෙකු පමණ සහභාගී වූ බවද ඔහු පැවසීය.
අත්අඩංගුවට ගත් මත්පැන් තොගය රජයට බදු ගෙවීමෙන් තොරව උත්සව සමය ඉලක්ක කරමින් වෙළෙඳාමට සූදානම් කර තිබූ අතර, බෝතල්වල අලවා තිබූ ස්ටිකර් සම්පූර්ණයෙන්ම ව්‍යාජ බව හෙළිවී ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන මේ වන විටත් ආරම්භ කර ඇති අතර, එම මත්පැන් තොගය ශ්‍රී ලංකාවට ගෙනා ආකාරය පිළිබඳවද වැඩිදුර පරීක්ෂණ සිදුකරමින් පවතින බව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.




