ලෝක ප්‍රකට ඉන්දීය පසුබිම් ගායිකා Asha Bhosle මුම්බායිහි බ්‍රීච් කැන්ඩි රෝහලට ඇතුළත් කර ඇති බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කරයි.
ඇයට හෘදයාබාධයක් සහ පෙනහළු ආශ්‍රිත සංකූලතා ඇතිවීම ඊට හේතුව බව සඳහන් වේ.
අවුරුදු 92ක් වයසැති ඇය දශක හතකට වැඩි කාලයක් ඉන්දීය සංගීත ක්ෂේත්‍රයේ විශිෂ්ට ස්ථානයක් ගොඩනගාගෙන, තමන්ටම ආවේණික වූ ගායන ශෛලියක් තුළින් ප්‍රසිද්ධියට පත්ව සිටී.
සංගීතයට කළ විශිෂ්ට සේවය පිළිගෙන ඉන්දියාවේ උසස්ම සිවිල් සම්මාන ලෙස සැලකෙන පද්ම විභූෂණ සහ දඩාසාහිබ් ෆාල්කේ සම්මානවලින්ද ඇය පිදුම් ලබා තිබේ.




