WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
WorldBreaking

ඉරාන–ඇමෙරිකා සාම සාකච්ඡා අසාර්ථකයි

I
Ishanka Jayasuriya
April 12, 2026 · 1 min read
381 viewsf𝕏W
ඉරාන–ඇමෙරිකා සාම සාකච්ඡා අසාර්ථකයි
ඉරාන යුද්ධයට තිරසාර සාමයක් සොයා ගැනීමේ අරමුණින් පාකිස්තානයේ මැදිහත්වීමෙන් ඉස්ලාමාබාද් නුවරදී පැවැත්වූ උසස් මට්ටමේ සාම සාකච්ඡා පැහැදිලි විසඳුමකින් තොරව අවසන් වී තිබේ.
අමෙරිකාව සහ ඉරානය අතර පැවති මෙම සාකච්ඡා පැය 21ක් පුරා වට කිහිපයකින් පැවැත්වුණි. අමෙරිකානු පාර්ශ්වය නියෝජනය කරමින් උප ජනාධිපති J.D. වෑන්ස් ඇතුළු කණ්ඩායමක් සහභාගී වූ අතර, ඉරානය නියෝජනය කළේ කථානායක මොහොමඩ් ගලිබාෆ් සහ විදෙස් කටයුතු අමාත්‍ය අබ්බාස් අරාචි ඇතුළු පිරිසකි.
සාකච්ඡාවල ප්‍රධාන ගැටළුව වූයේ න්‍යෂ්ටික අවි සම්බන්ධයෙන් සහතික ලබාදීම පිළිබඳවය. ඉරානයෙන් එවැනි සහතිකයක් ලබාගත නොහැකි වූ බව අමෙරිකාව ප්‍රකාශ කරයි.
එහෙත් ඉරානය පවසන්නේ අමෙරිකාවේ කොන්දේසි අසාධාරණ බවත්, එමෙන්ම තවදුරටත් රාජ්‍යතාන්ත්‍රික සංවාද සඳහා සූදානම් බවත්ය.
සාකච්ඡා අවසන් වීමෙන් අනතුරුව අමෙරිකානු නියෝජිතයින් නැවතත් තම රට බලා පිටත්ව ගොස් ඇති අතර, දෙපාර්ශ්වය අතර කිසිදු අවසන් එකඟතාවක් ඇති නොවීය.
මේ අතර පාකිස්තානය අවධාරණය කරන්නේ, දිගුකාලීන සාමයක් ලබාගැනීම සඳහා ඉදිරියටත් අමෙරිකාව හා ඉරානය අතර සාකච්ඡා පැවැත්වීම අත්‍යවශ්‍ය බවයි.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
අවුරුදු සමයේ දරුවන් පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන්න
Next
ආශා බෝස්ලේ දිවි සැරිය නිමකරයි

More in World